Tuesday, April 23, 2024

General line - 0115112241

මාල දිවයිනේ නීතිවේදීන්ට වැඩ වරදී




මාල දිවයින් බලධාරීන් විසින් පනස් දෙනකුට අධික නීතිවේදීන්ගේ සේවා තහනම් කර තිබෙනවා.

රටින් බැහැරව සිටින හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු මාල දිවයින් ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවාදීන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන්ගේ සේවාව මෙලෙස අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

අධිකරණය කටයුතු කරන ආකාරය දෝෂ දර්ශනයට ලක් කරන එම නීතිවේදීන් කණ්ඩායම 'රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කරන මෙන්' ඉල්ලා සිටිමින් නීතිපතිවරයා වෙත පෙත්සමක් භාර දී ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

මේ අතර මාල දිවයින් සමූහාණ්ඩුවේ අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් කරමින්, එවැනි පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීම නීතියට පටහැණි බව පැවසුවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එය 'කුමන්ත්‍රණ ප්‍රයත්නයක්' ලෙස සලකන බවත් අධිකරණ දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා .