Friday, March 29, 2024

General line - 0115112241

'හතුරුසිංහ ඉල්ලා අස්වීමට සූදානම්’ - බංගලාදේශයෙන් ආන්දෝලනාත්මක පුවතක්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම  පුහුණු කරුවකු සොයමින් සිටින මේ මොහොතේ බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ තම තනතුර අතහැරීමට සුදානමින් සිටින බව බංගලාදේශයේ ප්‍රධානම ක්‍රිකට් වෙබ් අඩවියක් වන bdcrictime.com පුවතක් පළකර තිබෙනවා.

“Hathurusingha got very close to resignation! ලෙස එම පුවත වාර්තා කර ඇති අතර ඔවුන් වාර්තා කරන අන්දමට චම්පක රාමනායක බංගලාදේශ වේගපන්දු පුහුණුකරු ලෙස වැඩ බාර ගැනීමත් සමඟම හතුරුසිංහගේ සමුගැනීම පිළිබඳව පුවතද වාර්තා වුණා.

කෙසේ වෙතත් බංගලාදේශ ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ 2019 දක්වා බංගලාදේශය සමඟ ගිවිසුම්ගත වී ඇති හතුරුසිංහ, තමන් සමඟ ඇති කරගත් ගිවිසුම කඩ නොකරනු ඇති බවට දැඩි විශ්වාසයක් ඇති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය ලබා ගන්නවාද බංගලාදේශයේම රැදී සිටිනවාද යන්න පිළිබඳව හතුරුසිංහ තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවට වාර්තා වන අතර හතුරුසිංහ රඳවා ගැනීමට බංගලාදේශය දැඩි උත්සාහයක් දරන බවද අදාළ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.