Friday, March 29, 2024

General line - 0115112241

ගාල්ලේදී කොල්ලකරුවන් පිරිසක් පොලිසිය ඉදිරියේ මට්ටුවෙයි




ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදලක් කොල්ලකා පලායමින් සිටි පිරිසක් හබරාදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. 

ඒ හබරාදූව ප්‍රදේශයේදීයි. කොල්ලකරුවන් මෙම මුදල් කොල්ලකා ඇත්තේ දුම්වැටි බෙදා හරින වෑන් රථයකින්. 

කොල්ලය පිළිබද තොරතුරු ලද වහාම ගාල්ල පොලිස් අධිකාරී ඩබ්ලිව්.වී ගිනිගේ ගේ උපදෙස් මත මෙහෙයුමක් ආරම්භ කෙරුණා. 

ඒ අනුව කොල්ලකෑ මුදල් සහ කොල්ලයට පැමිණි සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන් ගමන්ගත් මෝටර් රථයද පොලිස් භාරයට ගැණුනා. එය ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් බවද අනාවරණ කර ගෙන තිබෙනවා. 

මෝටර් රථයේ තිබී තියුණු ආයුධ හා ජීව අත්බෝම්බයක් ඇතුළු තවත් භාණ්ඩ තොගයක්ද සොයා ගැණුනා. 

කොල්ලයට පැමිණි තවත් දෙදෙනෙකු පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. 

දුම්වැටි බෙදාහැරි වෑන් රථයේ මීට පෙර සේවය කළ තරුණයෙකු කොල්ලය සැලසුම් කර ඇති බවද වැඩිදුරටත් අනාවරණ වුණා.