Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ සිට ෆේස්බුක් හරහා කළ ජාවාරමක් හෙළිවෙයි




ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සබඳතා ගොඩනගා ගනිමින් මුදල් ජාවාරමේ නිරත වූ නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම නයිජීරියානු ජාතිකයන් දෙදෙනා ජාවාරම සිදුකර ගෙන ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටයි. 

එක් අයෙකු බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තිඩිය ප්‍රදේශයේදීයි. 

ඔවුන් බ්‍රිතාන්‍යයේ ජීවත් වන කාන්තාවක් රවටා මුදල් වංචා කිරීමටයි උත්සාහ දරා ඇත්තේ. 

ඇය මෙම ජාවාරම්කරුවන්ට පවසා ඇත්තේ තමන් සතුව ඇති මුදල් ශ්‍රී ලංකාවේ ජීවත්වන දුප්පත් ජනතාවට ලබාදීමට සූදානම් බවයි. 

ඒ හරහා ඇය සතු මුදල් වංචා කිරීමටයි මෙම නයිජීරියානු ජාතිකයන් දෙදෙනා සූදානම් වී ඇත්තේ. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා ඔවුන්ට උපකාර කළ ත්‍රීරෝද රථ රියදුරෙක්.