Wednesday, April 24, 2024

General line - 0115112241

දිස්ති‍්‍රක්ක 06ක වෛද්‍ය වර්ජනයක්




දිස්ති‍්‍රක්ක හයක රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ද අද (13) වැඩවර්ජනයක නිරත වනවා.

ඒ පිළිබද කරුණු දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ සඳහන් කළේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සයිටම් විරෝධී ජන පවුරත් එක්ව මෙම වැඩවර්ජනය සංවිධානය කර ඇති බවයි. ඒ අනුව වවුනියාව, මාතලේ, අම්පාර, බදුල්ල, මොණරාගල සහ මාතර මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවද සඳහන් කළා. සයිටම් ගැටලුවට පිළිගත හැකි විසඳුමක් ලැබෙන තෙක් විරෝධතා අඛණ්ඩව සිදු කෙරෙන බවත් සඳහන් කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිස්ති‍්‍රක්ක කිහිපයක ඊයේ (12) දිනයේද වැඩවර්ජනයක නිරත වුණා. කෙසේවෙතත් මෙම වැඩවර්ජනය අසාධාරණ සහ අසාර්ථක එකක් බවයි ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ. එහි ලේකම් වෛද්‍ය නිරෝෂන පේ‍්‍රමරත්න පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලන මතවාද මත මෙවැනි වර්ජන සිදු කරන බවයි.

අද සිදු කෙරෙන වැඩවර්ජනයටද තමන් එක් නොවන බවයි ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය කියාසිටියේ. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්ද ප‍්‍රශ්න කළා. එහිදී වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ පැවසුවේ වර්ජනය සාර්ථක වූවත් නැතත් ඉටුවිය යුතු අරමුණ වන්නේ වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතිගත වීම බවයි.

වැඩවර්ජනයට සමගාමීව සංවිධාන කෙරෙන රථ පෙළපාලි ලබන 15 වැනිදා කොළඹට පැමිණෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.