Wednesday, April 24, 2024

General line - 0115112241

"හරි හෝ වැරදි ජනපතිවරයෙක් දුන් නියෝගයි ලලිත් පිළිපැද්දේ"




හරි හෝ වැරදි වේවා ජනාධිපතිවරයෙකු ලබාදෙන නියෝග පිළිපැදීමට ජනාධිපති ලේකම්වරයෙකු බැදී සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ප‍්‍රකට සිල්රෙදි නඩුවට වරදකරු වී දඬුවම් විඳිමින් සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග බන්ධනාගාරගතව සිටිම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී "අද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධාන උපදේශක.. ආර්ථීක කටයුතු සියල්ල හසුරවන ආර්. පාස්කරලිංගම් මහතා 89,90 දී  ඔහු තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්. ඒ කාලෙදි හරි හෝ වැරදි..එතුමට නියම කරලා තියෙනවා...හදිසි රහස්‍ය වියදම් දැරීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් මහජනයාගේ බදු මුදල් එළියට ගන්න. මේ මුදල් කොටින්ට දුන්නා..සමහර ලේඛනවල ලියලා තියෙනවා..කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ගෙවීම්." යනුවෙන්ද සඳහන් කළා. 

එක් එක් සිද්ධීන් සහ තැනැත්තන් සම්බන්ධයෙන් නීතිය වෙනස් ලෙස අදාළ කිරීම කණගාටුවට කරුණක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසාගෙන්ද ප‍්‍රශ්න කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ බන්දුල ගුණවර්ධන මතු කරන ප්‍රශ්න ගැන එතරම් සැළකිළිමත් වීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.