Friday, March 29, 2024

General line - 0115112241

මුරලිගේ පියා මුරලිගේ නම ඉල්ලා මල්වතු මහනා හිමියන් ළඟට යයි




මහනුවර  පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයට ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුවිශේෂී දඟ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ නාමය නොදැමීම සම්බන්ධයෙන් මුරලිදරන්ගේ පියා වන සින්නයියා මුත්තයියා මල්වතු මහනායක ස්වාමීන්වහස්සේ බැහැ දැකීමට ගිය අවස්ථාවේදී කරුණු පෙන්වා දී තිබෙනවා. 

ඊයේ (12) පස්වරුවේ සින්නයියා මුත්තයියා, මහනුවර මල්වතු මහා විහාරයට පැමිණ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක යෝගා පිළිබඳ පොතක් පිරිනැමුවා.

පන්සල් ආශ්‍රයෙන් යෝගා ව්‍යායාම සිදු කිරීම සඳහා අවසර ඉල්ලා සිටීම එහි අරමුණයි.

එම අවස්ථාවේදී ක්‍රීඩාංගණයට නම නොයෙදීම පිළිබඳ කරුණද සඳහන් කර ඇති අතර එහිදී වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයට මුත්තයියා මුරලිදරන්ගේ නම යොදන බවට මුලින් සඳහන් කර තිබුණත් පසුව වෙනත් නමක් යොදා ඇති බවයි. මේ පිළිබඳ ලිපියක්ද උන්වහන්සේට ලබා දී ඇති බවයි වාර්තා වුණේ. 

අදාළ කරුණ සම්බන්ධයෙන් මහනායක හිමියන් පෙන්වා දී ඇත්තේ තොරතුරු සොයා බලා පිළිතුරක් ලබා දෙන්නම් යනුවෙනි.