Tuesday, April 23, 2024

General line - 0115112241

විදුලිබල සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගු කෙරේ




අද (13) සිට ලබන 20 වැනිදා දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූ සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

ඒ, එහි සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ. කේ. සමරසිංහගේ අත්සනින් නිකුත් කළ චක‍්‍රලේඛයක් මගින්.

රටට අඛණ්ඩව විදුලිය සැපයීම ලංකා විදුලිබල මණ්ඩලය සතු ජාතික වගකීමක් බව එමගින් සිහිකැඳවා තිබෙනවා. 

මේ අතර අද දහවල් 12 සිට දින දෙකක අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය මීට පෙර ප‍්‍රකාශ කළේ.

ඒ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.