Friday, April 19, 2024

General line - 0115112241

රයන් අදත් ඇතුළේ




සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සැප්තැම්බර් 20 දක්වා  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද ප්‍රධාන මහේසත‍්‍රාත් දුලානි වීරතුංග අද (13) නියෝග කළා.

සැකකරු වෙනුවෙන් සිදු කළ ඇප ඉල්ලීම මීට පෙර  අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණා.

සැකකරු පසුගිය අගොස්තු 18 දින  නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණයට භාර වීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරනය නියෝග කළා.

අධිකරණය මගහරිමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණය මීට පෙර වරෙන්තුවක්ද නිකුත් කර තිබුණා.

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු චතුරංග වීරසේකර ඇතුළු ශිෂ්‍ය කි‍්‍රයාකාරි සමාජිකයින් පස්දෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර තිබුණා.
 
ඉකුත් ජූනි මස 21 වැනි දා පස්වරුවේ කොළඹදී පැවති සයිටම් විරෝධී පාගමනින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල‍වලට රුපියල් ලක්ෂ 15 ට ආසන්න හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. ඒ. විජේසේකර මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් මත මොවුන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.