Friday, April 26, 2024

General line - 0115112241

තිසරගේ මුදල  ලක්ෂ 114 පනී - පාකිස්තානය දිනුම ගනී 




පාකිස්තාන කණ්ඩායම හා ලෝක ක්‍රිකට්  කණ්ඩායම අතර ඊයේ (12) ලාහෝර් හිදී පැවති පන්දුවාර 20 තරගයෙන් පාකිස්තාන කණ්ඩායම ජය ගත්තා.

මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 197ක් ලබා ගත් අතර එයට පිළිතුරු ලෙස ලෝක කණ්ඩායමට රැස්කළ හැකිවූයේ කඩුලු හතක් දැවී ලකුණු 177ක් පමණයි.


පාකිස්තාන කණ්ඩායම හා ලෝක ක්‍රිකට්  කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගසඳහා ක්‍රීඩකයෙක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් හැත්තෑපන් දහස සහ ලක්ෂය අතර මුදලක්  ගෙවීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව වාර්තා වනවා.

සමස්ත තරගාවලිය සඳහා  පාකිස්තානය අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ත් 3.0 ත් අතර  මුදලක් වෙන්කර ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ.


ශ්‍රී ලංකා ක්‍රීඩක  තිසර පෙරේරා ද මෙම සංචාරයට එක්වූ අතර ඔහුට ද ඒ අනුව රුපියල් ලක්ෂ 114කට වැඩි ගෙවීමක් මෙහිදී සිදු කිරීමට නියමිතයි.