Thursday, March 28, 2024

General line - 0115112241

කෝලි නාරාහේන්පිට මහ පාරේ ක්‍රිකට් ගහපු හැටි ඉන්දියාව වාර්තා කළ අයුරු 




ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි නාරාහේන්පිට තට්ටු නිවාස සංකීර්ණයක් අසළ මාර්ගයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ඡායාරූපයක් සහිත පුවතක් පිළිබඳව මේ වනවිට ඇතැම් ෆේස්බුක් පිටු අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් සිටිනවා.

ඔවුන් සඳහන් කර ඇත්තේ එය ඉන්දියාවේදී සිදුවූවක් බවයි.

විරාත් කෝලිගේ ෆේස්බුක් පිටුවට අනුව  මෙය ඉන්දියාවේ සිදුවීම බව පවසමින් ඇතැමුන් කෝලිගේ ෆේස්බුක් පිටුවේ ආකෘතියක් ලෙස අසත්‍ය නිර්මාණයක් ද සමාජ ජාල වෙත එක්කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ද එය ශ්‍රී ලංකාවේ මාර්ගයක වෙළඳ දැන්වීමක් වෙනුවෙන් කරන ලද පෙනී සිටීමක් බවයි.

එමෙන්ම මෙම රූගත කිරීමට සම්බන්ධ පිරිස් ද නාරාහේන්පිට පදිංචිකරුවන්ද මෙම සිදුවීම ලංකාවේ සිදුවූවක් බවට තහවුරු කර තිබෙනවා.

 

ඒ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කළ ආකාරය සහ අදාළ රූගත කිරීමට සහභාගිවූ ලංකාවේ තරුණයන් සිය ෆේස්බුක් ඔස්සේ පළ කළ ඡායාරූප පහතින් දැක්වෙනවා.

deccan chronicle පළ කළ පුවත මෙතැනින් 

reddit පළ කළ පුවත මෙතැනින් 

zee news පළ කළ පුවත මෙතැනින් 

රූගත කිරීමට සහභාගිවූ ලංකාවේ තරුණයන්