Friday, March 29, 2024

General line - 0115112241

2018 වර්ෂය සඳහා රජයේ මුළු වියදම ඇස්තමේන්තු කරයි




2018 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රයේ පළ කර අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා.

මෙම කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින්.

ඊට අනුව 2018 වර්ෂය සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 3,982 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. එයින් රුපියල් බිලියන 2005.1 ක් රාජ්‍ය ණය ආපසු ගෙවීම, වැන්දඹු හා අනත්දරු අරමුදල වැනි පාර්ලිමේන්තුව විසින් දැනටමත් සම්මත කර ඇති පනත් යටතේ වූ වියදම් දැරීමටයි.

2018 වර්ෂය සඳහා රජයේ ඇස්තමේන්තුගත පුනරාවර්ථන වියදම රුපියල් බිලියන 1308.9 ක්.

ඇස්තමේන්තුගත ප‍්‍රාග්ධන වියදම රුපියල් බිලියන 668 ක් වනවා.

අදාළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 වර්ෂයේ අපේක්‍ෂිත රාජ්‍ය ආදායම සහ විදේශීය ප‍්‍රදානයන්ගේ එකතුව රුපියල් බිලියන 2175 ක්.