Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් ජනපති සමග සතිපතා සාකච්ඡා කරයි




ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් සහ පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා සමග සතිපතා සාකච්ඡා පැවැත්වීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් තීරණය කර තිබෙනවා.

එහි මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවේ ඊයේ (12) දිනයේද එවැනි සාකච්ඡාවක් පැවැත්වුණු බවයි. 

අරුන්දික ප‍්‍රනාන්දු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍ය දුමින්ද දිසානායක මෙහිදී අදහස් දැක්වුවා. එහිදී පෙන්වා දුන්නේ ආණ්ඩුව තුළ කටයුතු කිරීමේදී හැසිරිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව සෑම දෙනාම අවබෝධයක් ලබා ගත යුතු බවයි.

මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ අද පෙරවරුවේ පැවති ආගමික වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී අමාත්‍ය දුමින්ද දිසානායක මේ බව සඳහන් කළා.