Wednesday, April 24, 2024

General line - 0115112241

අධිකරණයට අපහාස කළැයි කියා රන්ජන්ට පැවරූ නඩු විභාගයට දින නියම වෙයි!




නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනුකොට තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) දින නියම කළා. ඒ අනුව ලබන මස 12දා මෙම පෙත්සම් පිළිබඳ සළකා බලනවා.

පසුගිය අගොස්තු මස 21 දා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරන පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි පෙත්සම් කරුවන් පවසනවා.

මෙම පෙත්සම් විනිසුරු ඊවා වනසුන්දරගේ ප්‍රධානත්වයෙන් යුත් ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවු අවස්ථාවේ දී මෙම පෙත්සම් සලකා බැලීමට විනිසුරුවරුන් දෙදෙනෙකු ට වැඩි විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීම සදහා ඔක්තොම්බර් මස 12 දා ට කල් තබනු ලැබුවා.