Saturday, April 20, 2024

General line - 0115112241

බස් ත්‍රීරෝද රිය අනතුරෙන් පියා සහ පුතු මහ මග මරුට (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




තංගල්ල කතරගම ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පියෙකු සහ පුතෙකු මියගොස් තිබෙනවා. කොළඹ සිට කතරගම බලා ධාවනය වූ ලංගම බස්රථයක් හා ත්‍රීරෝද රථයක් තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේදී මෙසේ එකිනෙක ගැටී තිබෙනවා.

ත්‍රී රෝද රථයේ ගමන් ගත්  41 හැවිරිදි පියා සහ පස් හැවිරිදි පුතු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බස් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල බස් රථය මොරටුව ඩිපෝවට අයත් එකක් වනවා.