Tuesday, April 23, 2024

General line - 0115112241

මහින්දට විරුද්ධවත් දැන් නඩු දාන්න පුළුවන්!




සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප‍්‍රකාශය මත ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අද (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

"දවස් 24ක් මේ නඩුව විභාග වුණා. ඒ අතරෙ ඇවිත් උසාවියට කියන්න තිබුණනෙ මේක. එයා දැන් චණ්ඩිය වගේ තැන තැන කියවනව. දැන් පුලුවන් කෙනෙකුට උසාවි යන්න මේ පුද්ගලයා මේ වරද බාර ගන්නවනම් ඔහු නියෝග කළ බව කියනවනම්, එයාව අධිකරණයට ගේන්න කියල."

 මෙම නඩු තීන්දුවෙන් පසු මහා සංඝරත්නය සිදු කළ ප‍්‍රකාශයන් සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කෙරුණා. 

"උන්වහන්සේලාටත් දැන් තමයි මේව මතක් වෙලා තියෙන්නෙ. උන්වහන්සේලා පිඬු සිඟා වඩින්න තිබුණෙ අර පොඩි ළමයෙක් පොල් හොරකමකට හිරේ දාපු වෙලාවේ."