Thursday, April 25, 2024

General line - 0115112241

නව දේශීය ආදායම් පනත ලබන 01දා සිට ක්‍රියාත්මකයි!




ඉකුත් දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ දේශිය ආදායම් පනත ලබන අපේ‍්‍රල් 01 දා සිට සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසනවා. පනත සම්මත වීමෙන් පසු පේ‍්‍රෂණ බද්ද, ප‍්‍රාග්ධන බද්ද, රඳවා ගැනිමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද මේ වසරේ ඔක්තෝම්බර් මස සිට අය කිරීමටත් ආදායම් බදු ලබන වසරේ අපේ‍්‍රල් පළමුවනදා සිට අය කිරීමටත් මීට පෙර තීරණය කර තිබුණා. 

පනත දෙයාකාරයකට ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් එක් මුදල් වසරක් තුළ දෙයාකාරයකට ගිණුම් පවත්වා ගැනීමේ දුෂ්කරතාවක් ඇතිවිය හැකි බැවින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇති බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ.