Wednesday, April 24, 2024

General line - 0115112241

තේරීම් කමිටුව ඉදිරි දින 02 තුළදී




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව ඉදිරි දින 02 තුළ පත් කරන බව ක‍්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

"පූල් එකක් තේරුවෙ නැහැ. පකිස්ථාන සංචාරය සඳහා හිටපු අයම කණ්ඩායමක් තෝරල ගිහින් තිබුණ. අපි හිටපු තේරීම් කමිටුවට කියල තිබුණ ඒ සඳහා පුහුණු කරන්න සංචිතයක් නම් කරන්න කියල. සති කිහිපයක් තියෙනව ඒ පුහුණු කටයුතු සඳහා. ඒ පිරිස අතරින් තේරීම් කරන්න ඕන වැඩපිළිවෙල සඳහා තේරීම් කමිටුවක් ඉදිරි දින දෙක තුළ පත්කරනව."