Saturday, April 20, 2024

General line - 0115112241

සිදුවේ යැයි කියන පිල් මාරුව ගැන අමරවීරගෙන් පිළිතුරක්




20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට පෙර ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට එක්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය එළඹෙන 19 වැනිදා දැනුම් දීමට නියමිතයි.

ඒ අනුව, එළඹෙන 20 වැනිදා 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කළේ.

එම ඡන්ද විමසිම පැවැත්විමට පෙර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ. 

කෙසේ වෙතත් ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ එවැනි පිල් මාරුවක් සිදු නොවනු ඇති බවයි.