Thursday, March 28, 2024

General line - 0115112241

නව දේශිය ආදායම් පනත කාගේ අවශ්‍යතාවක්දැයි ජවිපෙ කියයි



නව දේශිය ආදායම් පනත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව මත සකස් කරන ලද්දක් බව මේ වන විට පැහැදිලි වෙමින් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ නව දේශිය ආදායම් පනත ලබන වසරේ අපේ‍්‍රල් මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යංශය ඊයේ (13) ගනු ලැබූ තීරණයෙන් එය වඩාත් පැහැදිලි වන බවයි.

ඊයේ රාත‍්‍රියේ විකාශය කෙරුණු නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක් වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

මෙම පනතට සිය පක්ෂය විරෝධය පළ කිරිමට හේතු වූ කරුණු කිහිපයක් පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මෙහිදී කරුණු පැහැදිලි කළා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)