Tuesday, April 23, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසකට අදත් වැසි - කුකුළේ ගඟ ගැන විමසිල්ලෙන්




බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත‍්‍රික්කවලට ඉදිරි පැය 24 තුළ මිලි මීටර් 50ට වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සවස 02න් පමණ පසු ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත‍්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ අතර, ඊයේ රාත‍්‍රියේද ප‍්‍රදේශ රැසකට තද වැසි ඇද හැළුණා.

කුකුළේ ගඟ ජලාශයේ පෝෂක ප‍්‍රදේශවලට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් එහි එක් වාන් දොරටුවක් තවමත් විවෘතව පවතිනවා.

ඒ පිලිබඳ කරුණු දැක්වූ ලංකා විදුලි බල මණ්ඩලයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ වාන් දොරටුව විවෘත කිරීමෙන් නිකුත් වන ජල ධාරාවත් විදුලිය නිෂ්පාදනය කිරීම හේතුවෙන් නිකුත් වෙන ජල ධාරාවත් නිසා කුකුළේ ගඟෙන් මේ වන විට තත්ත්පරයට ඝන මීටර් 100 ක පමණ ජල ප්‍රමාණයක් මුදා හැරෙන බවයි.

ඒ අනුව තවදුරටත් ලැබෙමින් පවතින වර්ෂාව නිසා ගඟ පහළ කොටස්වල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

(අද දිනයේ වැසි තත්ත්වයන් පිළිබඳ කාළගුණ අනාවැකිය පහතින් දැක්වෙයි)