Friday, March 29, 2024

General line - 0115112241

මැලේසියාවේ පාසලක ගින්නක් - 25 ක් මරුට




මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ආගමික පාසලක අද (14) උදෑසන ඇතිවූ ගින්නකින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිසුන් 23 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු ඒ අතර සිටින බවයි.

ගින්නට කොටුවීමෙන් විස දුම ආඝ්‍රහණය වීම හේතුවෙන් මෙම පිරිස මියයන්නට ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

(සමාජ ජාල ඔස්සේ පළ වූ එහි වීඩියෝවක් පහතින් දැක්වෙයි)