Wednesday, April 24, 2024

General line - 0115112241

දුම්රියක එන්ජිමක් ගැලවී යයි




අද (14) උදෑසන ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිමක් ගැලවී ගොස් තිබෙනවා.

නාරහේන්පිට දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රියේ එන්ජිම මැදිරිවලින් ගැලවී ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බවද වාර්තා වෙනවා.

මෙම දුම්රිය අවිස්සාවේල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ එකක්.