Saturday, April 20, 2024

General line - 0115112241

මන්ත්‍රිවරු ඉවත් කිරීම පිටුපස ශ්‍රීලනිපය ඉන්නවාලු




බස්නාහිර පළාත් සභාවේ සහ දකුණු පළාත් සභාවේ තනතුරු දැරූ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු අදාළ ධුරවලින් ඉවත් කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වුවමනාවක් මත සිදුවූවක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා පැවසුවේ 20 වන සංශෝධනයට එරෙහිව කටයුතු කළ පිරිසකට එලෙස තනතුරු අහිමි කර ඇති බවයි.  

දකුණු පළාත් සභාවේ කී‍්‍රඩා සහ යෞවන කටයුතු අමාත්‍ය වීරසුමන විරසිංහ, බස්නාහිර පළාත් සභාවේ සභානායක සුනිල් ජයමිණි සහ ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත් ඊයේ (13) එම ධුරවලින් ඉවත් කෙරුණා. ඒ, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්ගේ නියෝගයක් අනුවයි. 

කෙසේ වෙතත් එම ඉවත් කිරීම්වලට හේතුව කුමක්දැයි පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් නිශ්චිතව ප‍්‍රකාශ කළේ නැහැ.

බස්නාහිර පළාත් ආණ්ඩු පක්ෂ හිටපු ප‍්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත් තමන් ධුරයෙන් ඉවත් කිරීම පිලිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ "20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙනවයි කියන්නේ සියතින් ගෙළ සිඳ ගන්නවා වගේ වැඩක්. මෙම සංශෝධනය හරහා වෙනත් යටි අරමුණු රැසක් ක්‍රියාත්මක වෙනවා. මෙක සම්මත වෙච්ච සැනින් ඕනම මොහොතක විසුරවීමේ බලය පාර්ලිමේන්තුවට ගන්නවා. නැවත ඡන්දය තියෙන දවසත් ඒකේ තීරණයක් නැහැ. ඒ වගේ පනතකට අපිට කොහොමත් සහය දෙන්න බැහැ." යනුවෙනි.