Thursday, March 28, 2024

General line - 0115112241

ලලිත් - අනූෂ ඇප ඉල්ලීමෙන් නීතිපතිට නොතීසි




සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට අධිකරණය හමුවේ ඇප අයදුම් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නීතිපතිට නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිපතිට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ලබන 20වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබෙනවා.