Saturday, April 20, 2024

General line - 0115112241

"වැස්ස සමග මීතොටමුල්ල කුණු කන්ද යළි හොල්මන් කරනවා"




මිතොටමුල්ල කසළ කන්ද කඩා වැටී අදට මාස 05ක් ගත වී තිබෙනවා.

එවන් මොහොතක මීතොටමුල්ල කසළ කන්ද ආශ‍්‍රිත ජනතාව යළි බියකින් පසුවන බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණා.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන කොළොන්නාව කසළ කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ ප‍්‍රධාන සංවිධායක නුවන් බෝපගේ සඳහන් කළේ "මේ දිනවල තියෙන වැසිබර කාළගුණයත් එක්ක අවධානම් දෙකක් මතුවෙලා තියෙනවා. එකක් තමයි කුණු කන්ද තාම අස්ථාවර වීම.. කඩා වැටීමෙන් පස්සේ තාම කුණු කන්ද ඉවත් කිරීමට කටයුතු කරලා නැහැ. මේ වන විට විමලාරාම වත්ත, අවිස්සාවේල්ල පාර, 23 වත්ත,101 වත්ත වැනි ප්‍රදේශවලට මේ වැස්සත් එක්ක කුණු කන්ද යළි කඩා වැටීමේ අවධානමක් තියෙනවා. කුණු කන්ද කඩා වැටීමෙන් ඇළ මාර්ගය අවහිර වී තිබීම නිසා දැඩි වර්ෂාවක් ඇති වුනොත් මේ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් මතු වෙන්නත් පුළුවන්." යනුවෙනි.

කෙසේ වෙතත් කසළ කන්ද කඩා වැටී කාලයක් ගත වුවද ඉන් පීඩාවට පත් ජනතාවට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.