Monday, November 20, 2017
Hotline - 0770586666

ත්‍රිවිධ හමුදාව සතුරු කඳවුරුවලට පහර දෙන හැටි ජනපති චන්ද්‍රිකා තාක්ෂණයෙන් නරඹයි

3272Views

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අඛණ්ඩව අටවන වරටත් සංවිධානය කරන ලද බහු ජාතික ක්ෂේත්‍ර යුද අභ්‍යාස පුහුණුවක් වන දියකාවා -2017 නැගෙනහිර පළාත මූලික කර ගනිමින් පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) දිනයේදී සිය සුභාශිංසන පළ කර තිබෙනවා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ රටවල් 13 ක් නියෝජනය කරමින් පැමිණි ලෝකයේ විවිධ රටවල ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් මෙම යුද අභ්‍යාසය සැප්තැම්බර් 03 වැනිදා ආරම්භ කෙරුණා. 

අද (14) පෙරවරුවේ ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේ පැවති එම යුද අභ්‍යාසයේ සතුරු කඳවුරකට පහර දෙන අභ්‍යාසය ජනාධිපති නිල නිවසේ සිට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නැරඹු ජනාධිපතිතුමා දියකාවා යුධ අභ්‍යාසය වෙනුවෙන් එක්වූ දෙස් විදෙස් සියලූ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට සිය සුභාශිංසන පළ කළා.

ශ්‍රී ලංකාවේ යුද හමුදාව සදහා තිඛෙන්නා වූ ගෞරවය ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂා වී ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව විනයගරුක යුද හමුදාවක් නිසා බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා නව තාක්ෂණික යුධ උපක්‍රම සහ ශිල්පීය ක්‍රම ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේදී මෙවන් යුද අභ්‍යාස ඉතා වදගත් බව ද පෙන්වා දුන්නා.

එමෙන්ම දියකාවා -2017 යුද අභ්‍යාසය සදහා සහභාගී වූ ශ්‍රී ලාංකික සියලූ යුධ හමුදා සාමාජිකයින්ට මෙන්ම විදේශීය හමුදා  ප්‍රධානින් සහ සියලූ නිලයන්ට ද එම සියලූ විදේශිය රටවල් වෙත ද ජනාධිපතිතුමා සිය ස්තූතිය පිරිනැමුවා.