Friday, March 29, 2024

General line - 0115112241

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්ට එරෙහිව විරෝධයක්

රංජිත් රාජපක්ෂ - හැටන්




නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් වශයෙන් කටයුතු කරන හෙලන් මීගස්මුල්ල ඉදිරි සතියේදි සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත්කිරිමට රජයේ ඇතැම් නිළධාරින් මේ වනවිට කටයුතු කර ඇති බව ප්‍රදිප්කමල් පෙරේරා පවසනවා.

මෙයට විරෝධය පා නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි ප්‍රදිප්කමල් පෙරේරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අසල අද (14) උදෑසන විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණා. 

දුෂණ ක්‍රියා ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති දිස්ත්‍රික් ලේකම්වරිය රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන හා රාජ්‍ය අයවැය චක්‍රලේඛන පවා උල්ලංඝණය කරමින් වංචා ගණනාවක් සිදුකර ඇති බවට රජයේ විගණන වාර්තාවලින් පවා හෙළිදරවු වී ඇති බැවින් ඇයට මෙම නව තනතුර ලබාදීම සුදුසු නොවන බවයි ප්‍රදිප්කමල් පෙරේරා පවසන්නේ. 

තවද තොරතුරු දැන ගැනීමේ පනතට පටහැනිව අසත්‍ය තොරතුරු ලබාදෙමින් මෙවැනි දුෂණ ගණනාවකට සම්බන්ධ දිස්ත්‍රික්ක ලේකම්වරියකට රජයේ මෙවන් උසස් තනතුරක් ලබාදීම සදාචාරසම්පන්න නොවන බවයි ප්‍රදිප්කමල් පෙරේරා පවසන්නේ. 

එම තනතුර ඇයට ලබාදීම සඳහා මේ  වන විට කැබිනටි අනුමැතියද ලැබී ඇති බව ප්‍රදිප්කමල් පෙරේරා චෝදනා කරනවා.