Friday, April 26, 2024

General line - 0115112241

මහේලගේ යෝජනාවට ඇමතිගේ කැමැත්ත - ක්‍රිකට් වෙනුවෙන් පෙරළියක් 




දිවයින පුරා උසස් මට්ටමේ නව යෝග්‍යතා මධ්‍යස්ථාන කිහිපයක් ( High Performance Centre) ඇති කරමින් දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීමේ වැඩසටහනක් සඳහා  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ කැමැත්ත හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම වැඩපිළිවෙල සඳහා මූලික යෝජනාව කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනයි.

ක්‍රිකට් ක්‍රීඩාව පාසැල් මට්ටමින් සංවර්ධනය කිරීම සඳහා  උසස් මට්ටමේ නව යෝග්‍යතා මධ්‍යස්ථාන  ඇති කිරීමට ඔහු අමාත්‍යවරයාට පසුගිය දා යෝජනා කර තිබුණා.

එම වැඩසටහන තවත් විධිමත් කරමින් සියලු ක්‍රීඩා ඉලක්ක කර ගනිමින් උසස් මට්ටමේ නව යෝග්‍යතා මධ්‍යස්ථාන ඇති කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කර තිබෙනවා.

දිවයිනේ පළාත් නවයක පිහිටි ක්‍රීඩා පාසැල් 9ක්  උසස් මට්ටමේ නව යෝග්‍යතා මධ්‍යස්ථාන ( High Performance Centre) ලෙස වැඩිදියුණු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.