Friday, April 19, 2024

General line - 0115112241

අමාත්‍ය තිගම්බරම් අස්ගිරි මහ නාහිමිට  රහසක් හෙලි කරයි!




තමා ජාතිවාදියෙකු නොවන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගම්බරම් මහතා පවසනවා. අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥණරතන හිමියන් අද (14) පෙරවරුවේ බැහැදුටු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙහිදී මහ නාහිමියන් ප්‍රකාශ කළේ ඇතමුන් ජාතිවාදි අයුරින් ක්‍රියා කිරීම නිසා රටේ සංවර්ධනයට බාධා එල්ල වී ඇති බවයි. මෙහෙදී තමා ජාතිවාදියෙකු නොවන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා කියා සිටියේ ඒකීය රටක් ලෙස ශ්‍රී ලංකාව දියුණු කළ යුතු බවයි. 

වතු ජනතාව වෙනුවෙන් අමාත්‍යවරයා සිදු කෙරෙන සංවර්ධන කාර්ය මහ නාහිමියන් මෙහිදී ඇගයීමට ලක් කළා. මහ නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව අනතුරුව දළදා වහන්සේ වැද පුදා ගත් අමාත්‍ය පලනි තිගම්බරම්ගො ඩැල්ල වීදියේ පිහිටි කතරගම දේවාලයට ගොස් ආශිර්වාදය ලබා ගත්තා.