Friday, April 19, 2024

General line - 0115112241

 මහේල..සනත්..සිදත් නෑ - ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න බත්තරමුල්ලේ වැඩමුළුව ඇරඹේ  (PHOTOS)




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නව මගකට යොමු කිරීම අරමුණු කොටගෙන වැඩමුළුවක් ආරම්භ කර තිබෙනවා. 

ඒ අද (15) උදෑසන 9.30ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී මෙය ආරම්භ කෙරුණු අතර සවස 4.00 දක්වා පවත්වනු ලබනවා.

සෑහෙන කාලයක පටන් ඉතා උසස් මට්ටමේ ජයග්‍රහණයන් පසු කාලයේ වරින් වර පසුබෑමකට ලක්වන කරුණු පෙනුම් කරන බැවින් මේ සඳහා වහාම පියවරක් ගැනීම අරමුණු කොටගෙන හේතු සාධක සොයා බලා නිශ්චිත විසදුමක් ලබා ගැනීම මේ වැඩමුළුවේ අරමුණ වනවා.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුළුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් හා ක්‍රීඩාව සම්බන්ධයෙන් අත්දැකීම් ඇති මාධ්‍යවේදීන් ඇතුළු සියළුම අංශ නියෝජනය වන පරිදි සාමාජිකයන්  සහභාගී වනවා.

කෙසේ වෙතත් මෙයට මහේල ජයවර්ධන, සනත් ජයසූරිය, සිදත් වෙත්තමුණි වැනි ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයන් සහභාගී වී නොමැති බවයි වාර්තා වන්නේ.