Thursday, April 25, 2024

General line - 0115112241

ක්‍රීඩකයින්ගේ අවශ්‍යතාවයන් සපුලීමට ප්‍රීමා...




පී‍්‍රමා සමූහ ව්‍යාපාරය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සමග එක්ව 11 වන වරටත් පී‍්‍රමා කුසලාන වයස අවුරුදු 15 න් පහල කි‍්‍රකට් තරගාවලිය මෙවරද සංවිධානය කර තිබෙනවා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ පී‍්‍රමා සමූහ ව්‍යාපාරයේ සන්නාම කළමණාකරු අචල රාමනායක කියා සිටියේ දේශීය ක්‍රීඩකයාන්ගේ දක්ෂතාවයන් නංවාලීමේ අරමුණින් ප්‍රීමා ශ්‍රී ලංකා සමාගම නිරන්තරයෙන් කටයුතු කරන බවයි.

දේශිකත්වය නංවාලීම සම්බන්ධයෙන් තමන් නිතර අවධානයෙන් පසුවන බවත් හැකි උපරිම අයුරින් ක්‍රීඩකයින්ගේ මානසීක හා ශාරීරික වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබාදීමටත් ප්‍රීමා සමාගම පෙනි සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් සියල්ල සපයා දීමටත් ප්‍රීමා සමාගම කටයුතු කර ඇති බවයි පී‍්‍රමා සමූහ ව්‍යාපාරයේ සන්නාම කළමණාකරු අචල රාමනායක සඳහන් කළේ.