Thursday, April 25, 2024

General line - 0115112241

ප්‍රවීණයින්ගේ අදහස් ඉදිරිගමනට ශක්තියක්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම නව මගකට යොමු කිරීමේ වැඩමුළුවේ දී ලබා ගැණුනු අදහස් හා යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට උපදේශක මඩුල්ලක් පත් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

මෙම වැඩමුළුව ඊයේ (15) කොළඹ දී පැවැත්වුණු අතර ඊට ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරීන් මෙන්ම හිටපු ක්‍රිකට් ප්‍රවීණයින් රැසක්ද එක්ව සිටියා.

මතුව ඇති ක්‍රිකට් අර්බුදය පිළිබඳව මෙහිදී දැඩි ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ඊට වත්මන් ජාතික කණඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ද එක්වුණා.

ඒ පිළිබඳව අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ විවිධ ස්ථානවල දී විවිධ ප්‍රකාශ සිදුකළ පිරිස් මෙහිදී නිහඬව සිටි බවයි.

මෙම පිරිස් විවිධ ස්ථානවල සිදුකරන ප්‍රකාශ මගින් අපේක්ෂා කරනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනට ද එසේ නොමැති නම් අගාදය ද යන්ත තේරුම් ගත නොහැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එම නිසා ජනතා මෙය නිසි පරිදි තේරුම් ගත යුත බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මේ අතර මෙම වැඩමුළුව අමතමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ද අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ තමන් ක්‍රිකට් පරිපාලනයට පමණක් දක්ෂ බවත්, ක්‍රිඩකයන් පිළිබඳ වැඩි වගකීමක් භාර ගැනීමට හිටපු ක්‍රීඩකයින් ක්‍රිකට් ආයතනය සමග එක්ව කටයුතු කළ යුතු බවයි.

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරයකට තමන් අරවින් ද ද සිල්වාට ආරාධනා කරන බවද තිලංග සුමතිපාල මෙහිදී කියා සිටියා.