Thursday, April 25, 2024

General line - 0115112241

තිදෙනෙකු කපා සැකකරුවන් හමුදා කඳවුර හරහා පළා ගිහින් - කඳවුර ඉදිරියේ උණුසුම් තත්ත්වයක් (PHOTOS)

මාධව කුලසූරිය




කිලිනොච්චිය, පරන්තන් ප‍්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකුව ඊයේ (17) සවස තියුණු ආයුධවලින් කපා දැමීමේ සිදුවීමෙන් අනතුරුව පරන්තන් ප‍්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

පරන්තන් ප‍්‍රදේශවාසීන් පැවසුවේ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයෙකු පරන්තන් ප‍්‍රදේශයේ යුධ හමුදා කඳවුරක් හරහා පැනයාම හේතුවෙන් අදාළ උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි.

සිදුවීමට යුධ හමුදා සම්බන්ධයක් පවතින්නේදැයි සැක මත ප‍්‍රදේශවාසීන් පරන්තන් යුධ හමුදා කඳවුර ඉදිරිපිට රැස්ව මෙලෙස උණුසුම්කාරී ලෙස හැසිරී තිබෙනවා.

සිදුවීමෙන් අනතුරුව පරන්තන් යුධ හමුදා කඳවුර වෙත අමතර යුධ හමුදා සාමාජිකයින් පිරිසක් කැඳවා තිබු බවද කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසුවා.

කිලිනොච්චිය පොලිසිය පැවසූුවේ ඊයේ සවස කිසියම් කණ්ඩායමක් පරන්තන් ප‍්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකුව තියුණු ආයුධවලින් කපා කොටා දරුණු ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇති බවයි.

කැපුම් තුවාල ලැබුවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය පැවසුවා.

පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතුවි ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද සඳහන්.

සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය සඳහන් කළා.