Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් රිදී නිම්නය අති සාර්ථක වින්දනීය රාත්‍රියක් වෙයි (UPDATE) (PHOTOS)




නෙත් එෆ් එම් රිදී නිමිනය ප‍්‍රසංගය ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලීය ශ‍්‍රවණාගාරයේ දී ඊයේ (23) රාත‍්‍රියේ අති සාර්ථකව නිමාවට පත්වුණා.

ඒ අනුව ගාල්ල ජනතාවට ඊයේ රාත්‍රියේ අමතක නොවන ප්‍රසංගයක අත්දැකීම් විඳගැනීමට අවස්ථාව හිමි වුණා.

මෙය නැරඹූ පිරිස් පැවසුවේ මෑත කාලයේ ගාල්ලේ පැවැති සාර්ථකම සහ අමතක නොවන ප්‍රසංගය නෙත් එෆ් එම් රිදී නිමිනය බවයි.

 
 
 
 
 
 
 

-------------------------

නෙත් රිදී නිම්නය අද ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී (PHOTOS) - (UPDATE)

(23-09-2017 17:00)

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන රිදී නිම්නය සංගීත සන්ධ්‍යාව අද (23) රාත්‍රී 7.00ට ඇරඹෙනවා.

ඒ, ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීයි. මේ වනවිට ඒ සඳහා සියළු කටයුතු සූදානම්.

ඊයේ දිනයේදී පෙර පුහුණුවීම්ද ඇරඹුවා.

විශාරද එඞ්වඞ් ජයකොඩි, උමාරා සිංහවංශ සහ සනුක වික‍්‍රමසිංහ රිදී නිම්නය ප‍්‍රසංගයේදී ගීතවත් වීමට නියමිතයි. නදීක ගුරුගේ එහි සංගීතය මෙහෙයවනවා. 

-------------------------------------------------

නෙත් රිදී නිම්නය හෙට ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී

22-09-2017 16:44

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන රිදී නිම්නය සංගීත සන්ධ්‍යාව සඳහා පෙර පුහුණුවීම් මේවන විට සිදු කෙරෙනවා.

ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී හෙට (23) රාත‍්‍රී 07ට මෙම සංගිත සන්ධ්‍යාව ආරම්භ විමට නියමිතයි. ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගත් සියලූ දෙනා සවස 06.30ට පෙර පැමිණ අසුන් ගතහොත් අපහසුතා මහහරවා ගතහැකි බව සංවිධායක මණ්ඩලය කියා සිටියා.  

විශාරද එඞ්වඞ් ජයකොඩි, උමාරා සිංහවංශ සහ සනුක වික‍්‍රමසිංහ මෙම සංගීත සන්ධ්‍යාවේදී ගීතවත් වීමට නියමිතයි.

සංගීතඥ නදීක ගුරුගේ එහි සංගීතය මෙහෙයවනවා.

-------------------------------------------------------------------

නෙත් රිදී නිම්නය ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීයි (UPDATE)

22-09-2017 06:56

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන රිදී නිම්නය සංගීත සන්ධ්‍යාව සඳහා හෙට (23) පැවැත්වෙනවා.

, ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීයි. ඊට ඇති සූදානම පිළිබ නෙත් නිවුස් වෙත කරුණු දැක්වූවා විද්‍යාලයේ විදුහල්පති රවීන්ද්‍ර පුෂ්පකුමාර.

නෙත් එෆ් එම් රිදී නිම්නය ප්‍රසංගයේ දී විශාරද එඩ්වඩ් ජයකොඩි,

උමාරා සිංහවංශ සහ සනුක වික්‍රමසිංහ ඔබ වෙනුවෙන් ගීතවත් වනවා. මෙම සන්ද්‍යාවේදී සංගීතය මෙහෙයවන්නේ නදීක ගුරුගේ.

ගාල්ල ශ්‍රීධර ෆාමසි, හෙමාරා රිච් ලූක් සහ ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයෙන් ඉතිරි සීමිත ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව මිළදී ගත හැකියි.

 

-----------------------------

රිදී නිම්නයේ සංවිධාන කටයුතු සූදානම්(21-09-2017 05:16)

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නෙත් එෆ් එම් රිදී නිම්නය සංගීත සන්ධ්‍යාව සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කරමින් පවතිනවා.

රිදී නිම්නය සංගීත සන්ධ්‍යාව මෙවර පැවැත්වෙන්නේ ගාල්ල සිරිධම්ම විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදීයි.

සංගීත සන්ධ්‍යාව වර්ණවත් කිරීම සඳහා ජනප‍්‍රිය ප‍්‍රවීණ ගායක ගායිකාවන්ද එක් වීමට නියමිතයි.

විශාරද එඞ්වඞ් ජයකොඩි, උමාරා සිංහවංශ සහ සනුක වික‍්‍රමසිංහ රිදී නිම්නය සංගීත සන්ධ්‍යාවට ගායනයෙන් එක්වනවා.

රිදී නිම්නයේ වාද්‍ය වෘන්දය මෙහෙය වන්නේ නදීක ගුරුගේ විසින්. නෙත් එෆ් එම් රේඩියෝවේ රිදී නිම්නය සංගීත සන්ධ්‍යාවේ ප‍්‍රවේශ පත‍්‍ර ගාල්ල ශ‍්‍රීධර ෆාමසි, හෙමාරා රිච් ලූක් සහ ගාල්ල සිරිධම්ම විද්‍යාලයෙන් ලබා ගත හැකියි.

ප‍්‍රසංගය ලබන 23වන සෙනසුරාදා රාත‍්‍රී 07.00ට ආරම්භ වනවා.

--------------------------

නෙත් එෆ් එම් රිදී නිම්නය 23 වනදා

(19-09-2017 10:28)

නෙත් එෆ්.එම් රේඩියෝවේ රිදී නිම්නය සංගීත සන්ධ්‍යාව ලබන 23 වනදා රාත්‍රී 07ට ගාල්ල සිරිධම්ම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.

එය සංවිධාන කරන්නේ ගාල්ල සිරිධම්ම විද්‍යාලයීය සුබ සාධක සංගමය විසින්.

නෙත් එෆ් එම් රේඩියෝවේ රිදී නිම්නය සංගීත සන්ධ්‍යාවේ ප්‍රවේශ පත්‍ර ශ්‍රීදර් ෆාමසි, හෙමාරා රිච් ලූක් සහ ගාල්ල සිරිධම්ම විද්‍යාලයෙන් ලබා ගත හැකි වනවා.