Friday, April 19, 2024

General line - 0115112241

අරුන්දික මහින්දට වැඳ විපක්ෂයට එක්වීමට පෙර පාර්ලිමේන්තුවට කී කතාව මෙන්න (VIDEO )

කොළඹ කේන්ද්‍ර කරගත් ධනපති පන්තියක් විසින්රජය විනාශය කරා ගෙන යන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

දුප්පත්කම නැති කිරීම වැනි කරුණු සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීමට රජය කටයුතු කරනු ඇති බව තමන් බලාපොරොත්තු වුවද අවසානයේ සිදුවූයේ එය නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

විශේෂ ප්‍රකාශයක්  කරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයට එක්වූ ඔහු  විපක්ෂය වෙත ගොස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  වෙත පැමිණ ඔහුට වඳිනු ලැබුවා.

මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි ඉන් අනතුරුව ඔහුව ජනාධිපතිවරයාට අසළ අසුනින්ම අසුන් ගන්වනු ලැබුවා.

ඒ අනුව මෙම ආණ්ඩුව යන මග වැරදි බවත් ආණ්ඩුව පෙරළන තුරු සටන් කරන බවත් ප්‍රකාශ කරමිනුයි ඔහු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග අසුන් ගත්තා.

.................................................................................................

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මහින්දට වැඳ විපක්ෂයට එක්වේ

19-09-1017 14:22

හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (19) විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයට එක්වුණා.

ඔහු විපක්ෂය වෙත ගොස් හිටපු ජනාධිපතිවරයා වෙත පැමිණ ඔහුට වඳිනු ලැබුවා.