Friday, April 19, 2024

General line - 0115112241

ඡන්දය ගැන පාර්ලිමේන්තුවේදී මහින්ද අහපු ප්‍රශ්නයට රනිල්ගෙන් පිළිතුරක්




පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පවත්වන කාලවකවානු පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද (19) වාදවිවාද ඇති වුණා.

ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය පිළිබඳ අදහස් පළ කිරීමත් සමගයි.

එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ "අපිට අවශ්‍ය සෑම දෙනාටම වැදගත්වන ශීලාචාර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන්න..ජනවාරි මාසය ඡන්ද පැවැත්වීමට සුදුසු බව පක්ෂ නායකයින්ගේ අදහස් වුණා. ඒ අදහස දැන් මැතිවරණ කොමිසමේ සභාපතිට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පවත්වන්න අවශ්‍ය දින නියම කරයි. ඒක ජනවාරි මාසයේ පවත්වන්න යන්නේ කියලා මම කියන්න කැමතියි." යනුවෙනි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මෙහිදී අදහස් පළ කළා. ඊට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිතුරු ලබාදුන්නා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.."හොඳයි.. පළාත් පාළන මැතිවරණය ජනවාරි මාසයේ තියෙනවාලුනේ.. අපිට දැනගන්න ඔනේ..පළාත් සභා 03ක් තියෙනවා ඉතුරු වෙලා..ඔක්තෝබර් මාසයේ විසිරෙන. එතකොට මැතිවරණ කොමිසමේ සභාපති කියනවා දෙසැම්බර් මාසයේ 09 වැනිදා වෙන කොට මැතිවරණය තියෙනවා කියලත් කියනවා..අපිට දැනගන්න ඕනේ ඒක ඒ ආකාරයෙන්ම සිදු වෙනවාද කියලයි."

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා.."මැතිවරණ කොමිසමේ සභාපති කිව්වා දෙසැම්බර් මැද වෙනකොට තමයි ලෑස්ති කියලා..එතකොට අපි කතා කරලා කිව්වා..සාමාන්‍ය පෙළ විභාගය තියෙන නිසා ඒක කල්දාන්න බැහැ කියලා.. ඒ නිසා තමයි අපි ජනවාරි මාසය යෝජනා කළේ. කොහොම වුණත් මැතිවරණ කොමිසමෙන් අපිට දැනුම් දුන්නාම පළාත් සභා ඡන්දය තියෙන කාලය අපි දිනයක් අරගන්නම්. දෙසැම්බර් 09 වැනිදා අයවැය අන්තිම ඡන්දයත් නියම කරලා තියෙන්නේ.."
 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු පනත් කිහිපයක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මෙහිදි පෙන්වා දුන්නා.