Thursday, April 18, 2024

General line - 0115112241

මාලිංගගේ හෙළිදරව්ව ගැන පරීක්ෂණ අරඹයි




සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පසුගියදා සිදුකළ චෝදනා සහ හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නව මාවතකට යොමු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ වැඩමුළුවේදී තණතීරු සකස් කිරීමේ අක්‍රමිකතා පිළිබඳ මෙලෙස ලසිත් මාලිංග කරුණු හෙළිදරව් කළා.

ඒ අනුව එම පරීක්ෂණය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කමිටුවක්ද පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

කණ්ඩායම තණකොළ සහිත විකට්ටුවක් ඉල්ලූ විට සම්පූර්ණයෙන් තණකොළ ඉවත් කළ විකට්ටුවක් ලැබෙන බවත්, තණකොළ ඉවත් කළ විකට්ටුවක් ඉල්ලූ විට තණකොළ සහිත විකට්ටුවක් ලැබෙන බවත් ඊට හේතු විමසූ විට බ්ලේඩ් එක වැරදුණා යනුවෙන් පිළිතුරු ලැබෙන බවත් ලසිත් මාලිංග එහිදී හෙළිදරව් කළා.