Thursday, April 25, 2024

General line - 0115112241

පිඩුසිඟා වඩින භික්‍ෂුන්ට සොසේජස් බනිස් - කිරිබත්ගොඩ උණුසුම් වෙයි




කිරිබත්ගොඩ නගරයේ පිණ්ඩපාත චාරිකාවේ නිරත වූ භික්‍ෂුන් වහන්සේලාට කිසියම් පිරිසක් සොසේජස් බනිස්, බිත්තර බනිස්, මාළුපාන් සහ රෝල්ස් ලබාදීමක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගත්තා.

සිල්රෙදි නඩුවේ සිරකරුවන් සුරැකීමේ අරමුදල යනුවෙන් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණා.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට වෙනුවෙන් මෙලෙස භික්‍ෂුන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාත චාරිකාවේ නිරත වනවා.

පොලීසියේ ඉල්ලීම මත අධිකරණයෙන් පිණ්ඩපාත චාරිකාව වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කළා. 

මේ අතර ගම්පහ ප‍්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කි‍්‍රයාකාරී හමුවකදී අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ ඇතැම් භික්‍ෂූන් වහන්සේලා බුද්ධ දර්ශනයද වෙනස් කරමින් පිඩු සිගා වඩින බවයි.