Tuesday, April 23, 2024

General line - 0115112241

'දියකාවා' අතරේ ලාන්ස් කෝප්‍රල් කඹයෙන් බිමට වැටෙයි

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




අද (19) මත්තල ගුවන් තොටුපලේ පැවති 'දියකාවා' පුහුණු ක්‍රියාන්විතයේදී පුහුණුවීම්වල නිරතව සිටි හමුදා ලාන්ස්කෝප්‍රල් වරයෙකු කඹයක් ආධාරයෙන් මහල් ගොඩනැගිල්ලක සිට පහලට බසින අතරතුර අනතුරකට ලක්වුණා.

ඉන් ඔහුගේ දකුණු පාදයේ ඇතිවූ ආබාදිත තත්වයක් හේතුවෙන් හම්බන්තොට මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු පවසා සිටියේ රෝගියාගේ තත්ත්වය බරපතල නොවන බවයි.  

මෙවර දියකාවා 2017 සඳහා දෙසහසකට අධික යුධ හමුදා භටපිරිසක් සහභාගි වී සිටින අතර යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු, විශේෂ බලකා සහ යාන්ත්‍රික පාබල භටපිරිස් ඒ අතර වනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් 370 වක භට පිරිසක් මෙන්ම 197 ක ගුවන් හමුදා භට පිරිසක් ද මෙයට ඇතුලත්.

බංග්ලාදේශය, ඉන්දියාව මාලදිවයින, නේපාලය, පකිස්තානය, ඉන්දුනීසියාව, මැලේසියාව, චීනය, රුසියාව, එක්සත් ජනපදය, බ්‍රසීලය, සුඩානය, ඉරාකය, ඊශ්‍රායලය, ඕමානය, තුර්කිය, ඉරානය සහ කෙන්යාව නියෝජනය කරමින් 69 කට අධික විදේශ හමුදා සාමාජිකයින් පිරිසක්ද මේ සඳහා සහභාග වී සිටිනවා.

එමෙන්ම මෙම ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අවසන් ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය 22 දින පදවිය ප්‍රදේශයේ සිදුකිරීමට නියමිත අතර 24 දින මින්නේරිය යුද හමුදා පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී අවසාන දේශනය පැවැත්වීමට නියමිතයි.

(මෙම පුහුණු මෙහෙයුමේ ඡායාරූප පහතින් දැක්වෙයි)