Thursday, April 25, 2024

General line - 0115112241

පොලිසියෙන් මිදී පළා ගිය ලොරි රථය (PHOTOS)

මාධය කුලසූරිය - වව්නියාව




පොලිසියෙන් මිදී පලා යමින් සිටි ලොරි රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් තිබෙනවා.

නීති විරෝධීව බුරුත දැව ප‍්‍රවාහනය කළ ලොරි රථයක් වවුනියාව කොක්එළිය ප‍්‍රදේශයේදී අද (20) අළුයම මෙලස පෙරළී ගියා.

වවුනියාව පොලිසිය පැවසුවේ දැව ජාවාරමක් සම්බන්ධයෙන් වවුනියාව වන සංරක්ෂණ නිළධාරීන් හා පෙරිමඩු පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී පළාගිය ලොරි රථය එලෙස පෙරළි ගොස් ඇති බවයි.

මඩු රක්ෂිතයෙන් කැපූ බුරුත දැව කඳන් 40 ක් පැටවු ලොරි රථය හදිසි මාර්ග බාධකයක් යොදා අත්අඩංගුවට ගැනීමට යාෙදා තිබුණත් අදාළ ලොරි රථය ඒ9 මාර්ගය ඔස්සේ ගොස් අතුරු මාර්ගයකට දමා ගමන් කිරීමට යාමේදී පෙරළි ගොස් තිබුණා.

පොලිසිය පැවසුවේ ලොරි රථය පෙරළි ඇති බැවින් රියදුරු ලොරි රථයට යටවි සිටින්නේදැයි, පළාගොස් ඇතිදැයි යන්න සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවයි.