Friday, March 29, 2024

General line - 0115112241

වයසට ගිය ක්‍රිස්ගේල් ක්‍රීඩා ලෝලීන් පුදුම කරමින් තැබූ අලුත්ම වාර්තාව




බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රබල කී‍්‍රඩක කි‍්‍රස්ගේල් වාර්තා පොත් අතරට එක්ව තිබෙනවා.

ඒ, කොදෙව් එක්දින කණ්ඩායම වෙනුවෙන් වැඩිම කාලයක් කී‍්‍රඩා කල කී‍්‍රඩකයා බවට පත්වෙමින්.

ඔහු කොදෙව් කණ්ඩායම නියෝජනය කර ඇති කාලය අවුරුදු 18 යි දින 8 ක්.

වසර 18 කට වැඩි කාලයක් කොදෙව් කණ්ඩායමේ සිටින එකම කී‍්‍රඩකයා වන්නේ කි‍්‍රස්ගේල්.

1999 දී එක්දින වරම් දිනාගත් ඔහු මේ වනවිට 37 වන වියේ පසු වනවා.