Friday, April 19, 2024

General line - 0115112241

ලලිත්ට සහ අනූෂට ඇප




සිල්රෙදි නඩුවෙන් දඬුවම් නියමවූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට කොළඹ මහාධිකරණයෙන් අද (20) ඇප නියම කර තිබෙනවා.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට කොළඹ මහාධිකරණය පසුගිය 7 වැනිදා බරපතල වැඩ සහිත වසර 03 ක සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

ඒ අනුව සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබ සිටින  ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට අධිකරණය හමුවේ ඇප අයදුම් කළා.

එහිදී මේ සම්බන්ධයෙන් නීතිපතිට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි එදින කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබුණේ.