Tuesday, April 23, 2024

General line - 0115112241

අද මළ හිරු සමගින් සමුගන්නා ඩෙංගු මාරයා බිලි ගත් වෛද්‍යවරියගේ කඳුළු කතාන්දරය...

නිමල් අල්ගෙවත්ත - හබරාදූව




ගාල්ල කරාපිටිය රෝහලේ ස්නායු රෝග අංශයේ වෛද්‍ය නිලධාරිනිය ගේ අභාවය එම පවුල පමණක් නොව කරාපිටිය රෝහල් සේකයින්ගේ සහ මැටරඹ, ගිනිගල ගම්වැසියන්ගේ ද සිත් සතන් කරන පුවතක් විය. මාරාන්තික ඩෙංගු රෝගයට බිලි වු තවත් එක් අයෙකු ලෙස ඇය සටහන් වෙද්දී. ඇය කර සේවාව  රෝහල් සේවකයින්ගේ ද  ගම්වැසියන්ගේ ද ගෞරවයට පාත්‍ර වී තිබිණි.

52 හැවිරිදි වෛද්‍ය එම්.අනෝමා ජයවර්ධන මහත්මිය තිදරු මවක් වන අතර හබරාදුව ගිනිගල ප්‍රදේශයේ පදිංචි වී සිට ඇත. තම රාජපකාරිය දේවකාරියටත් වඩා ඉහලින් කර ඇය සිය දරුවන් තිදෙනා ගැන ද විශේෂ අවධානය යොමු කළේ දරුවන් සමාජයේ කාහටවත් කරදයක් නොමැතිව ජීවත් වීමට පුරුදු කර වීම සඳහාය.

පසුගිය බදාදා (13) දින ඩෙංගු රෝගය නිසා රෝහල්ගතකර ඇති අතර මියයන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය. ඇයගේ දෙවන දියණිය වන ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ 09 වන වසරේ ඉගෙනුම ලබන දියණියද ඩෙංගු වැළඳීමෙන්  ඇය සමඟින් ම ප්‍රතිකාර ගත්ත ද දියණිය සුවපත් විය.

කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යානය ලැබු ඇය මුල සිටම අධ්‍යාපනයට අති දක්ෂයෙකු විය. පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හැදැරූ වෛද්‍යවරිය සේවා ස්ථාන කිහිපයක රාජකාරී කර ඇත. ඇය මිය යන විට ඇයගේ රාජකාරී ස්ථානය වුයේ ගාල්ල කරාපිටිය රෝහලයි.

අනෝමා ජයවර්ධන මහත්මියගේ   සැමියා වන එස්.ආර්.පී. ජයවර්ධන මහතා වෘත්තියෙන්  තේ පරීක්ෂක වරයෙකි. ඔවුන්ගේ  දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් දරුවා වෛද්‍යවිද්‍යාලයට තේරී පත් වී ඇති අතර දෙවන දියණිය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේත් පුතු ගාල්ල මහින්ද විද්‍යාලයේ දී ඉගෙනුම ලබනවා..

අප අතරින් සදහටම සමුගෙන ගිය ඇය රටට සමාජයට සිදුකළ මෙහෙවර අති විශාලය. තවත් මෙහෙවරක් සිදුකළ හැකි ඇය අද (20) මළ හිරු සමගින් සදහටම අපගෙන් සමුගත්තාය.