Thursday, April 25, 2024

General line - 0115112241

මල්ටිලැක් සමග තෙතට තිත තියමු!




තමන්ගෙම නිවහනක ජීවත් වෙද්දි නිතර නිතරම නිවස අලුත්වැඩියා කරන්න වුණොත් ඇතිවන අපහසුතාවයන් නිසා සැනසීම නැතිව යන බව බොහෝ දෙනෙක් පවසන කරුණක්.ඒ අතරින් වැඩිම පිරිසක් අපහසුතාවට පත්ව ඇත්තේ 'තෙත ගතිය ' නිසායි.කීර්තිමත් නාමයක් දිනා ඇති මල්ටිලැක් 'තෙතට තිත' තැබීමේ අරමුණෙන් තවත් සාර්ථක නිෂ්පාදන හතරක් වෙළඳපොළට නිකුත් කර තිබෙනවා.

ඉන් එක් නිෂ්පාදනයක් වන මල්ටිලැක් WATER PROOFING PUTTY 2K ඕනෑම පැල්මක් ජලය කාන්දු නොවන ලෙස වසා දැමිය හැකි නිෂ්පාදනයක් වනවා.

එමෙන්ම වතුර කාන්දුවට විසඳුමක් දීම සඳහා වෙළඳපොලට නිකුත් කර ඇති මල්ටිලැක් WATER PROOFING SEALER 2K ඇතුළතින් සහ පිටතින් එන දිය සීරාව වැළක්වීම සඳහා කදිම විසඳුමක් බවයි පාරිභෝගිකයන් පවසන්නේ.

තෙතමනය නිසා නිවසේ බිත්තිවල ඇතුලත සහ පිටත තෙත ගතිය ඇතිවීම වැළක්වීම සඳහා මල්ටිලැක් WATER PROOFING SEALER ද හඳුන්වා දී තිබෙනවා.

නිවසක වෝටර්පෲෆ් කළ යුත්තේ නාන කාමරයපමණකැයි යන්න බොහෝ දෙනකු තුළ ඇති වැරදි මතයකි. එබැවින් වෝටර් පෲෆින් සීලර් සම්බන්ධයෙන් ඔබ දැනුවත් වියයුතුම කාරනා කිහිපයකි.

අද නිවසක් ඉදිකිරීමට බොහෝ දෙනකුට සිදුව ඇත්තේ කුඩා බිම් කඩක් තුළය. මහල් කිහිපයකට, නව සැළසුම් අනුව අලංකාරව ඉදි කෙරෙන එවැනි නිවෙස් වල පිටත බිත්ති තෙමීමට ඇති අවස්ථාව ඉහළ වන අතර පිටත බිත්ති සදහා බොහෝ දෙනකු භාවිත කිරීමට හුරුව සිටින්නේ වෙදර් ෂීල්ඩ් ආලේප කිරීමටයි.

එය ප්‍රමාණවත් නොවන නිසා එයට හොඳම විසදුම වන්නේ වෝටර් පෲෆින් සීලර් ආලේප කිරීමයි.

නව නිවාස වල ඇතැම් ස්ථානයන්හි වහලය වෙනුවල ඇත්තේ කොන්ක්‍රිට් ආවරණයක් වන නිසා කොන්ක්‍රිට් ආවරණ වෝටර් පෲෆ් කිරීම ඉතාමත් වැදගත්ය.

සෙන්ටිග්‍රේඩ් 5ක් පමණ නිවසේ උෂ්ණත්වය අඩු කිරීමට සමත් සහ බිත්තිවල තෙත ගතිය ඇතිවීම වැළක්වීම සඳහා වූ තීන්ත වර්ගයක් ද වෙළඳපොලේ පවතිනවා.

 

ඒ, මල්ටිලැක් 3 IN 1 WATER PROOFING PAINT වන අතර එය නිවෙස්වල උෂ්ණත්වය අඩු කිරීමට සහ ගෙදර බිත්තිවල තෙත ගතිය, නාන කාමරයේ බිත්තිවල තෙත ගතිය  ඇතිවීම වැළක්වීමට සමත් තීන්ත වර්ගයක් පාරිභෝගික විශ්වාසය දිනාගෙන තිබෙනවා.