Thursday, April 25, 2024

General line - 0115112241

එළිමහනේ මුත්‍රා කළ 23 හැවිරිදි තරුණියව අධිකරණයට රැගෙන එයි (PHOTOS)




තරුණියක් එළිමහනේ මුත්‍රා කිරීමට එරෙහිව පවරා තිබුණ නඩුවක් විභාගයට ගනිමින් අදාළ චෝදනාවන්ට එම තරුණිය වරදකාරිය කරමින් දඩ මුදලක් පනවා තිබෙනවා.

නඩුව විභාග කළ එම ඕලන්ද උසාවිය එළිමහනේ මුත්‍රා කිරීමේ චෝදනා ලද ගීටෙ පීනින් නැමැති විසිතුන් හැවිරිදි තරුණියට (Geerte Piening) ඊට දඬුවම් වශයෙන් යුරෝ අනූවක (€90) දඩයක් ගෙවන ලෙසයි නියම කොට ඇත්තේ.

එම ඕලන්ද තරුණියට සිය ශාරීරික උවමනාව ඉටු කර ගැනීම සඳහා ඒ අසල පොදු වැසිකිලියක් නොවූයෙන් අඳුරු ස්ථානයකදී තිබුණ එළිමහන් ස්ථානයකට ගොස් ඇය සිය අවශ්‍යතාව ඉටු කරගෙන තිබුණු බවයි නඩු විභාගයේදී අනාවරණය වී ඇත්තේ.

ඇය ඒ මොහොතේ ගත කළ ස්ථානයේ සිට ඊලඟ කාන්තා වැසිකිළිය පිහිටි ස්ථානයට කිලෝමීටර් කීපයක දුරක් ගෙවා යායුතු වූ අතර ඒ වනවිට පොදු වැසිකිළි වසා දමන කාල වෙලාව ද ඉකුත්ව තිබුණු බවයි වාර්තා වී ඇත්තේ.

මේ අතර ඒ අසළ මුර සංචාරයේ නිරත වෙමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනකුගේ ඇස ගැටුණු මෙම තරුණියව ඔවුන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විනිසකරු නඩු විභාගය අතරවාරයේ ප්‍රකාශ කර ඇත්තේ,  කාන්තා වැසිකිළියක් නොවීනම් එළිමහනේ මුත්‍රා නොකර පුරුෂයන්ට මුත්‍රා කිරීම සඳහා තනා ඇති වැසිකිළියක් ඒ සඳහා පාවිච්චි කිරීමට ඇයට අවස්ථාව තිබුණා යනුවෙනි.

නෙදර්ලන්තයේ 'ඇම්ස්ටර්ඩෑම්' අගනුවර පුරුෂයන්ට පමණක් මුත්‍රා කළ හැකි ස්ථාන (public urinals for men) තිස් පහක් ඇති අතරවාරයේ කාන්තාවන් සඳහා නිමවා ඇත්තේ වැසිකිළි තුනක්(03) පමණක් බවද මෙහිදී හෙළිදරව් වී තිබෙනවා.