Friday, April 19, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ලේඛනයට ඇති වන පිබිදීමක්




19වන වරට සංවිධාන කෙරෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අදත් පැවැත්වෙනවා. ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදියි.  ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය විසින් මෙය සංවිධාන කෙරෙනවා. ප‍්‍රදර්ශනයේ 07 වැනි දිනය අදයි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය වැනි සාහිත්‍ය හිතකාමී ඉසව් හේතුවෙන් ලේඛනයට ඇති වන පිබිදීම එමගින් තහවුරු කළ හැකි බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.

ලේඛකයන් ආර්ථිකව ශක්තිමත් කිරීම සඳහා විධිමත් වැඩපිලිවෙලක අවශ්‍යතාව ද අවධාරණය කෙරුණා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට මෙවර ද නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ කලාපයට පැමිණෙන ඔබට නෙත් එෆ් එම් වැඩසටහන් ඇතුළත් පොත් හා සීඩී පට ලබා ගැනීමට සහ පොත් පරිත්‍යාග කිරීමටද අවස්ථාව උදාකර දී තිබෙනවා.

ඔබ විසින් එලෙස පරිත්‍යාග කරන පොත් දුෂ්කර පාසල්වල දරුවන් වෙනුවෙන් පුස්තකාල ඉදිකිරීම සඳහා කි‍්‍රයාත්මක දිරිය නෙත් සමාජ සත්කාරය වෙනුවෙන් යොදා ගැනීමට නියමිතයි.