Friday, April 19, 2024

General line - 0115112241

පිටකොටුවේ ගින්නක් - අලෙවි සැල් 16ක් ගිනි ගනී




කොළඹ පිටකොටුව දෙවන හරස් වීදියේ අළෙවි සැල් පෙළක අද (21) අළුයම ගින්නක් ඇති වී තිබෙනවා.

එම ගින්න හේතුවෙන් අළෙවි සැල් 16කට හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මෙම ගින්න මේ වනවිට නිවා දමා ඇති බවයි.  

ගින්නට හේතුව සොයා පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබෙන බවයි.