Wednesday, April 24, 2024

General line - 0115112241

"අපි වගේ පොඩි මිනිස්සුන්ගෙන් පළිගන්න එපා" - අසරණ වූ රෝගීන් කඳුළු සළමින් කියන කතාව (UPDATE) (VIDEO)




මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වනවිටත් සිදු කරන වැඩවර්ජනය හේතුවෙන් පීඩාවට පත් ජනතාව nethnews.lk වෙත අදහස් පළ කළා.

එහිදී ඔවුන් සඳහන් කළේ තමන් වැනි අහිංසක මිනිසුන්ගෙන් පළි ගැනීම සිදු නොකරන ලෙසයි. වෛද්‍යවරුන් ඉදිරියේ පමණක් නොව අනෙක් සෑම තැනකදීම තමන් වැනි ජනතාව නිරන්තරයෙන් පීඩාවට පත්වෙන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

 

(ඒ සම්බන්ධයෙන් සැකසූ වීඩියෝවක් පහතින් දැක්වෙයි.) 

මහනුවර වාර්තාකරු - හේරත් ඒකනායක

 

මේ අතර රට පුරා ක්‍රියාත්මක සයිටම් විරෝධී වෛද්‍ය වර්ජනය සම්බන්ධයෙන් ප්‍රබල සමාජ මාධ්‍යක් වන ෆේස්බුක් හරහාද විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා.

ඒ අතර විවිධ සිදුවීම්වලට අදාළ දර්ශනද තිබෙනවා.

(එවැනි වීඩියෝවක් පහතින් දැක්වෙයි.)  

 

--------------------------------

රට පුරා රෝගීන් පීඩා විඳියි (PHOTOS)

(21-09-2017 11:03)

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (21) පෙරවරු 08.00 සිට එක් දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා.

වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල රෝගීන් අපහසුතාවට පත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් කියා සිටියේ.

සයිටම් විරෝධී වර්ජනයට තවත් ක්ෂේත‍්‍ර කිහිපයක් සහය දැක්වීමට එක්ව සිටිනවා. ගුරු සංගම් ඒ අතරින් ප‍්‍රධානයි. ඔවුන් අසනීප නිවාඩු වාර්තා කර විරෝධතාවයේ නිරතව සිටිනවා.

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය සහ ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීම නිසා සිදුව ඇති බලපෑම පිළබඳ සොයා බැලීමට නෙත් නිවුස් වාර්තාකරුවන් අද උදැසන සිට ක්ෂේත‍්‍ර චාරිකාවන්හි නිරතවී සිටිනවා.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ද නාගරික පාසල්වල ගුරුවරුන්ගේ පැමිණීමෙහි කැපී පෙනෙන අඩු වීමක් සිදුව නැතැයි නෙත් නිවුස් කළ සොයා බැලීමේදී පෙනී ගියා.

කෙසේ වෙතත් ඇතැම් ග‍්‍රාමීය පාසල්වල ගුරුවරුන්ගේ පැමිණීම කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවද වාර්තා වුණා.

විරෝධය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල්වල තත්ත්වය දැක්වෙන ඡායාරූප පෙළක් පහතින් දැක්වෙනවා.

(දඹුල්ල රජයේ මුලික රෝහල - අශෝක එරමිනිගම්මන)

(වව්නියාව රජයේ රෝහල - මාධව කුලසූරිය) 

 

(මඩකලපුව ශික්ෂණ රෝහල - මඩකලපුව වාර්ථාකරු  - ජවුෆර්කාන්) 

 

(පොළොන්නරුව රජයේ රෝහල - රොෂාන් තුෂාර) 

 

(දික්ඔය මූලික රෝහල - රංජිත් රාජපක්ෂ)