Tuesday, April 23, 2024

General line - 0115112241

'බල්ලෙකුගේ බිරුමක්' - ට්‍රම්ප්ගේ ප්‍රකාශයට උතුරු කොරියාව සැර පිළිතුරක් දෙයි




උතුරු කොරියාව සම්බන්ධයෙන් ජගත් මහමණ්ඩලයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා කළ තර්ජනය ‘බල්ලකුගේ බිරුමකට’ සමාන බව උතුරු කොරියානු රජය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහමණ්ඩල සැසිය අමතමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්  ප‍්‍රකාශ කළේ උතුරු කොරියාව මුළුමනින්ම විනාශ කරන බවයි.

ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශයට උතුරු කොරියාවේ ප‍්‍රතිචාරය කුමක්දැයි එම සැසියට සහභාගි වීමට පැමිණි උතුරු කොරියානු විදේශ ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කර සිටියා.

එහිදී උතුරු කොරියානු විදේශ ඇමැතිවරයා හැසිරුණේ ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශය කිසිසේත් තැකීමක් නොකරන අයුරින්.

එමෙන්ම මාධ්‍යවේදීන්ට උතුරු කොරියානු විදේශ ඇමැතිවරයා අතීත කියමනක් සිහිපත් කරමින් පැවසුවේ බල්ලන් බිරුවද පෙළපාළිය ගමන් කරන බවයි.